ඇමරිකානු පුරවැසියන් 61 දෙනෙකුට රුසියාවට ඇතුළුවීම සදහටම තහනම්
2022-06-07 17:18:11
Share with:

ඇමරිකානු පුරවැසියන් 61 දෙනෙකුට, රුසියානු දේශසීමාවට ඇතුළුවීම සදාකාලිකව තහනම් කෙරේ. රුසියානු විදේශ අමාත්‍යාංශය ඊයේ(6) මේ බව නිවේදනය කළේය.

රුසියානු දේශපාලනඥයන්, සාමාන්‍ය වැසියන් සහ ව්‍යාපාරිකයන්ට එරෙහිව, ඇමරිකාව අඛණ්ඩව පැනවූ සම්බාධකවලට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගත් බව,  රුසියානු විදේශ අමාත්‍යාංශය පවසයි.

ඇමරිකාවේ ප්‍රධාන මිලිටරි-කාර්මික ව්‍යවසායන්වල හා මාධ්‍ය ප්‍රධානීන් මෙන්ම, රුසියාව පිළිබඳ කටකතා පැතිරවීමට සම්බන්ධ ඇමරිකානු නිලධාරීන් 61 දෙනෙකුට, රුසියානු දේශසීමාවට ඇතුළුවීම මෙසේ සදහටම තහනම් කර තිබේ.

පසුගිය මාසයේ 21වැනිදා, රුසියානු විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවිය, රටේ දේශසීමාවට ඇතුළුවීම සදහටම තහනම් කෙරෙන ඇමරිකානු පුරවැසියන්ගේ නම් ලැයිස්තුවක් පළ කළේය. ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා ඇතුළු 963 දෙනෙක් ඊට ඇතුළත් වෙති. 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම