“කෙටිකාලීන අර්බුද හමුවේ නොසැලී තිරසර සංවර්ධනය සාක්ෂාත් කළ චීන කොමියුනිස්ට් පක්ෂය” ප්‍රවීණ මාධ්‍යවේදී රමේෂ් වරල්ලෙගම
2022-06-06 11:49:42
Share with:

කෙටිකාලීන අර්බුද හෝ කැළඹීම් හමුවේ දිගුකාලීන සංවර්ධන ප්‍රයත්නයන් අතනොහැරීම චීනයේ තිරසර සංවර්ධනයට ඍජුව ඉවහල් වී ඇතැයි ප්‍රවීණ මාධ්‍යවේදී රමේෂ් වරල්ලෙගම මහතා පෙන්වාදෙයි.

ඊට පාදකවන මනා නිදර්ශන වර්තමානයෙන්ම සපයා ගත හැකි බව පෙන්වාදෙන රමේෂ් වරල්ලෙගම මහතා, ඉකුත් දිනවල ෂැංහයි නගරයේ වසංගතය පැතිර ගිය අවස්ථාවේ ඊට කඩිනම් පියවර ගත් ආකාරයත්, ඉන්පසු නගරයේ ජනජීවිතය යථා තත්ත්වයට පත් කළ ආකාරයත් චීන බලධාරීන්ගේ කෙටි හා දිගුකාලීන සැලසුම්වල සංවිධිත ස්වරූපය මැනැවින් කියාපාන බව ප්‍රකාශ කරයි.

ශැංහයි නගරයේ සියලු ව්‍යාපාර හා විදේශීය අරමුදල් මත ක්‍රියාත්මක ව්‍යවසායයන් ද නිසිලෙස යළි ඇරඹී තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂය සෑම අවස්ථාවකම ක්‍රියා කළේ දැක්මක් සහිතවයි. එසේම, වසංගතයට එරෙහි වැඩසටහන් සියල්ල ක්‍රියාත්මක විය යුත්තේ ජන ජීවිතයට ප්‍රමුඛතාව දෙමින් බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කළ අවධාරණය මෙහිදී ඉතා වැදගත් වේ.

චීන කොමියුනිස්ට් පක්ෂය ගත වූ සියවසක කාලය තුළ ජනතා සුබසිද්ධිය උදෙසා කැප වූ බව එරට ජනතාව පමණක් නොව මුළු ලෝකයම දන්නා කාරණයකි. සුවිසල් ජනගහණයක් මෙහෙයවා ගැනීමේ අභියෝගය මනාව ජයගනිමින්, චීන කොමියුනිස්ට් පක්ෂය තමන්ට ආවේණික, චීන අනන්‍යතා සහිත පාලන තන්ත්‍රයක් ඔස්සේ රට ඉදිරියට රැගෙන යාම ප්‍රශංසනීයයි.

කිසිවිටෙක තම රටේ පුළුල් ජාතික අරමුණින් බැහැර නොවූ චීන නායකයෝ කාලීන ප්‍රවණතාවන්ට ද නිසි ලෙස අනුගත ව කටයුතු කිරීම සමස්ත ලෝකයටම ආදර්ශයක් සපයන බව ප්‍රවීණ මාධ්‍යවේදී රමේෂ් වරල්ලෙගම මහතා පෙන්වාදෙයි.

සමාජ, දේශපාලන, ආර්ථික ආදී සියලු ක්ෂේත්‍රවල දී චීනය තම ගමන්මග හා එහි දිශානතිය ප්‍රශස්ත අයුරින් වටහාගත් රාජ්‍යයක් බව ද හෙතෙම කියාසිටී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම