ලෝක පරිසර දින ජාතික සැමරුමට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2022-06-06 20:45:17
Share with:

2022 වසරේ ලෝක පරිසර දිනයේ ජාතික වැඩසටහන වෙත චීන ජනාධිපතිවරයා සුභ පැතුම් පණිවුඩය පිරිනමයි.

එම වැඩසටහන ඊයේ(5) Liaoning පළාතේ Shenyang නගරයේ පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම සභාවේ මහලේකම්,ජනාධිපති, මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා එම වැඩසටහන පැවැත්වීම පිළිබඳ උණුසුම් සුභපැතුම් දැක්විය. ජෛව පරිසරය, මානවයන්ගේ පැවැත්මේ හා වර්ධනයේ පදනම බවට පත් වන හෙතෙම සුභපැතුම් පණිවුඩයේ සඳහන් කළේය. යහපත් පරිසරය පැවතීම විවිධ රටවල ජනතාවගේ පොදු අභිලාෂය බවට පත් වේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වන ජාතික නියෝජිත සම්මේලනයෙන් පසු චීනය ජෛව පරිසර ශිෂ්ටාචාරය ගොඩනැගීම චීනය තිරසරව වර්ධනය කිරීමේ මූලික ප්‍රතිපත්තියක් ලෙස සලකමින් චීන ජෛව පරිසර ආරක්ෂා කිරීමේ පරිපූර්ණ, ඓතිහාසික මෙන්ම විවර්ත වෙනස්කම සිදු කිරිම ප්‍රවර්ධනය කරනු ඇත.

සමාජවාදී නවීකරණ රට පරිපූර්ණව ගොඩනැගීමේදී චීන කොමියුනිස්ට් පක්ෂය හා චීනය පුරා ආර්ථික හා සමාජ වර්ධනය හරිත පරිවර්තනය කිරීම ප්‍රවර්ධනය කරමින් මානවයන් හා සොබාදහම සුසංගතයෙන් සහජීවනය සහික සුන්දර චීනය ස්ථාපිත කිරීම උත්සාහ දැරිය යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම