දෙවන එලිසබෙත් රැජින සිහසුනට පත්වීමේ 70 වැනි සංවත්සරය සැමරේ
2022-06-06 14:35:28
Share with:

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජින සිහසුනට පත්වීමේ 70 වැනි සංවත්සරය උත්කර්ෂයෙන් සැමරේ. පසුගිය 2වැනිදා සිට 5 වැනිදා දක්වා  සැමරුම් උත්සව රැසක් පැවැත්විණ.

පසුගිය 2 වැනිදා ලන්ඩන් නුවර පැවැති හමුදා පෙළපාළියෙන්  එම උත්සව මාලාව ඇරඹිණ. එදින එලිසබෙත් රැජින ප්‍රමුඛ රජ පවුලේ සාමාජිකයෝ බකිංහැම් මාලිගයේ සඳළුතලයේ හිඳ ගුවන් සංදර්ශනය නැරඹූහ.

අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන්, එලිසබෙත් රැජිනට උත්සව කිහිපයකට සහභාගි වීමට නොහැකි විය.

මේ වනවිට 96 හැවිරිදි වියේ පසුවන දෙවන එලිසබෙත් රැජින සිංහාසනාරූඪ වූයේ 1952 වසරේ දීය. ඇය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝතම පාලන සමයට හිමිකම් කියන රාජකීයයා යි.


ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම