රුසියානු-ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාව සම්පූර්ණයෙන් අත්හිටුවන්නේ නැතැයි ඇමරිකාව කියයි
2022-06-06 10:34:38
Share with:

රුසියාව හා ඇමරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව සම්පූර්ණයෙන් අත්හිටුවන්නේ නැතැයි, ඇමරිකාව කියාසිටී. 

TASS පුවත් ඒජන්සියේ සාකච්ඡාවකට ඊයේ(5) එක්වෙමින් රුසියාවේ ඇමරිකානු තානාපති John J. Sullivan මහතා මේ බව ප්‍රකාශ කළේය. එසේම,දෙරටේ ‍තානාපති කාර්යාල අන්‍යොන්‍ය වශයෙන් පවත්වමින් සිටින බව ද හෙතෙම පැවසීය. අවම මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවක් හෝ පැවැත්වීම දෙරටට ම ඉතා වැදගත් වේ. මතභේද පවතින තත්ත්වයක් යටතේ, අදහස් හුවමාරු හා අත්‍යවශ්‍ය සහයෝගිතා පැවැත්වීමේදී එය වැදගත් වන බව ද John J. Sullivan මහතා එහි දී කියාසිටියේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම