"බලහත්කාර රාජ්‍ය තාන්ත්‍රිකත්වය" යනු ඇමරිකාවේ පේටන්ට් හිමිකමක් බව චීනය කියයි
2022-06-06 17:52:26
Share with:

ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මෑතකදී දේශනයක් පවත්වමින්,  චීනය "බලහත්කාර රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල" නිරත වන බවට චෝදනා කළේ ය.

මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා පෙන්වා දුන්නේ, චීනය කිසි විටෙකත් "බලහත්කාර ක්‍රියාකාරකම්වල" නිරත නොවන අතර, සෙසු රටවල බලහත්කාර රාජ්‍ය තාන්ත්‍රිකත්වයට දැඩි ලෙස විරුද්ධ වන බවයි.

ලොකු කුඩා සියලුම රටවල් සමාන බව, චීන රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදායයන්ගෙන් එකකි.

චීනය කිසි විටෙකත් වෙනත් රටවලට බලහත්කාරයෙන් තර්ජනය නොකරන අතර, කිසි විටෙකත් මිලිටරි සන්ධානවලට එක්නොවේ.

වෙළඳ යුද්ධයක් සඳහා චීනය මූලිකත්වය නොගැනීම පමණක් නොව, වෙනත් රටවල සමාගම් අසාධාරණ ලෙස මර්දනය නොකරන අතර, අධික සම්බාධකවල ද නිරත නොවේ.

බලහත්කාර රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ නව නිපැයුම් අයිතිය, පේටන්ට් බලපත්‍ර සහ බුද්ධිමය දේපළ අයිතිය අනිවාර්යයෙන්ම ඇමරිකාවට සතු වන බව, Zhao Lijian මහතා එහිදී අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම