චීනය සංවර්ධනය පිළිබඳ විකල්ප ආඛ්‍යානයක් ලොවට හඳුන්වා දී ඇති බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පවිත්‍රා ජයවර්ධන මහත්මිය පවසයි
2022-06-06 11:48:37
Share with:

පෙරදිග නව සංවර්ධන ආඛ්‍යානය තුළ චීනය සංවර්ධනය සම්බන්ධව ඓතිහාසිකව ඉතා වැදගත් සංධිස්ථානයකට පැමිණ ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ" ජාත්‍යන්තර සම්බන්ධතා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පවිත්‍රා ජයවර්ධන මහත්මිය පවසයි. යටත් විජිත පසුබිම සමග ගොඩනැගුණු  බටහිර ප්‍රභූ දේශපාලන තන්ත්‍රයේ හැසිරීම මත මේ දක්වා ලොව රටවල්වල සංවර්ධන කතිකාවත තීරණය වූ බව ඇය පෙන්වාදෙයි. නමුත් එයට අභියෝගයක් වීමට චීනයට හැකි වූ බවත්" චීනය සංවර්ධනය පිළිබඳ විකල්ප ආඛ්‍යානයක් ලොවට හඳුන්වා දීම හරහා නව සංවර්ධන ප්‍රවේශයකට ලෝකය යොමු වෙමින් පවතින බව ද ඇය අවධාරණය කරයි.

අනාගත ලෝකයේ සංවර්ධන කාර්යභාරය උදෙසා" ඩිජිටල්කරණය වෙමින් චීනය ලොව ප්‍රමුඛ ස්ථානයකට ගමන් කරමින් සිටී. යටිතල පහසුකම්" ඩිජිටල් මුදල් ඒකකයන් ආදිය හඳුන්වා දීම" චීනය ලෝක ඉතිහාසයේ විශේෂ සංධිස්ථානයක් සටහන් කිරීමක් බව ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමිය පෙන්වා දෙයි.

ආර්ථික වශයෙන් ගත් කල චීනයට ලෝක සංවර්ධනය කෙරෙහි විශාල බලපෑමක් කළ හැකිය. චීන සංවර්ධන න්‍යායපත්‍රය සහ චීනයේ ජාත්‍යන්තර සබඳතා මත ඇති කර ගෙන ඇති දැනුම් පද්ධතිය හරහා" චීනයට පැහැදිලි අනාගත ආර්ථික අභිලාෂයන් ඇති බව උද්දීපනය වන බව පෙන්නුම් කෙරේ. දේශපාලනික හා මිලිටරි බලය මත පදනම් වූ සාම්ප්‍රදායික හැකියාවන් මත" මේ දක්වා ලෝකයේ බලය තීරණය වුව ද ආර්ථික බලය හරහා චීනය අනාගත ලෝක ප්‍රවණතාවයන්හි තීරකයෙකු ලෙස කටයුතු කරමින් සිටින බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම