තවදුරටත් විවෘත වන චීනයේ විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්‍රය
2022-06-06 11:32:23
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් ‘චීනයේ මේ දශකය’මැයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වේ.

ගෙවී ගිය දශකය තුළ, විවෘත, අන්‍යෝන්‍ය වාසි හා පොදුවේ බෙදාගැනීම පිළිබඳ ජාත්‍යන්තර විද්‍යා තාක්ෂණික සහයෝගතා උපායමාර්ගය චීනය ක්‍රියාත්මක කළ බව චීන විද්‍යා තාක්ෂණික අමාත්‍ය වං චීගං මහතා අද(6) පැවති එම මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය. රටවල් හා ප්‍රදේශ 161ක් සමග චීනය පවත්වාගෙන යන විද්‍යා තාක්ෂණ සහයෝගතා අඛණ්ඩ ලෙස වර්ධනය වී තිබේ. විශේෂයෙන් දේශගුණික විපර්යාසයට මුහුණ දීම, ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍ය සේවාව ඇතුළු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් චීනය හා විවිධ රටවල් ඒකාබද්ධව සිදු කර ඇති පර්යේෂණ, විපුල ප්‍රතිඵල බිහි කළ බව ද වං චීගං මහතා විග්‍රහ කළේය.

අනාගතයේදී චීනයේ විද්‍යා තාක්ෂණික ක්ෂේත්‍රය තවදුරටත් විවෘත වනු ඇත. ගෝලීය විද්‍යා තාක්ෂණික දියුණුව හා අඛණ්ඩ සංවර්ධනය වෙනුවෙන් වැඩි දායකත්ව සැපයීම සඳහා චීනය වඩාත් උසස් මට්ටමේ අන්තර්ජාතික විද්‍යා තාක්ෂණික සහයෝගතා හා හුවමාරු පැවැත්වීමට සූදානම් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම