ආර්ථික අර්බුදයට හේතුව දුර්වල කළමනාකරණය බව අග්‍රාමාත්‍යවරයා පවසයි
2022-06-06 17:10:21
Share with:

රටේ වර්තමානයේ පවතින අර්බුදකාරී තත්ත්වයට හේතු වූයේ ආර්ථිකයේ දුර්වල කළමනාකරණය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පවතින ආර්ථික අර්බුදය මැඩලීමට නිසි කඩිනම් පියවර ගැනීම හැර වෙනත් විකල්පයක් නැතැයි ඉන්දීය NDTV පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා සිදුවෙමින් පවතින බව ද වික්‍රමසිංහ මහතා මෙහිදී කියාසිටියේය. අරමුදලේ සහය ලැබෙන තෙක් ඉන්දියාවෙන් හිමි වන සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් පසුවන බව ද හෙතෙම පවසයි. චීනයට ආපසු ගෙවිය යුතු විශාල ණය මුදලක් ඇති බවත්, ශ්‍රී ලංකාවට ණය දුන් රටවල් අතර චීනය සහ ජපානය ප්‍රධාන වන බවත් අගමැතිවරයා පවසා ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම