කැනඩා හමුදා ගුවන් යානා, චීනය ආසන්නයට පැමිණ ඔත්තු බැලීම තම රටේ ජාතික ආරක්ෂාවට බරපතල බලපෑමක් බව චීනය කියය
2022-06-06 18:14:50
Share with:

චීන හා කැනඩා හමුදා ගුවන් යානා එදිරිවාදීව මුහුණට මුහුණ හමුවීම පිළිබඳ කැනඩාව දක්වන ආකල්පය සම්බන්ධයෙන් චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශය අදහස් දකවයි.

කැනඩා ජාතික ආරක්ෂක අමාත්‍යංශය මෑතකදී නිවේදනයක් පළ කරමින් පැවසුවේ, උතුරු කොරියාව වෙත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බාධකයන්හි නිරත කැනඩා හමුදා ගුවන් යානාවලට චීන හමුදා ගුවන් යානා බොහෝ වතාවක් බාධා කර ඇති බවයි. චීනයේ හැසිරීම වෘත්තීය මෙන්ම සුරක්ෂිත නොවන බව ද එම නිවේදනයේ සඳහන් විය. 

ඒ සම්බන්ධයෙන් චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක Wu Qian මහතා පැවසුවේ, එක්සත් ජාතීන්ගේ තීරණය අනුගමනය කිරීම මුවාවෙන් කැනඩා හමුදා ගුවන් යානා, චීනය ආසන්නයට පැමිණ ඔත්තු බැලීම හා ප්‍රකෝපකාරීව ක්‍රියා කිරීම තම රටේ ජාතික ආරක්ෂාවට බරපතල බලපෑමක් බවයි. චීනය ඊට දැඩි විරෝධය පළකරයි. 

කැනඩාවේ ප්‍රකෝපකාරී ක්‍රියාව හා වෘත්තීය නොවන මෙන්ම අනිසි හැසිරීම වෙනුවෙන් චීන හමුදාව සාධාරණ, සුරක්ෂිත මෙන්ම වෘත්තීයමය ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය තාන්ත්‍රික මාර්ගය ඔස්සේ කැනඩාවට සිය ස්ථාවරය හා විරෝධය පළ කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම