විසි එක්වැනි ආණ්ඩුක්ර ම ව්යනවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙට කැබිනට් මණ්ඩලයට
2022-06-05 15:55:14
Share with:

විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට හෙට (06) ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ

මෙම කෙටුම්පත ඇමැතිවරයා විසින් මීට සති දෙකකට පමණ ඉහතදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අතර, සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව,එය කැබිනට් මණ්ඩලයට නැවත ඉදිරිපත් කිරීමට එහිදී තීරණය විය.

ඒ අනුව, එම කෙටුම්පත සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා දේශපාලන පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡා වට ගණනාවක් පැවති අතර එහිදී ඉදිරිපත් වූ සංශෝධන යෝජනා ද ඇතුළත් කොට නව කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්  කිරීමට නියමිතව ඇත.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම