ජපාන සහායෙන් ඉදිවන කටුනායක ගුවන්තොටුපොළේ නව මගී පර්යන්ත සංකීර්ණයේ ඉදි කිරීම් සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බව අමාත්යන නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි
2022-06-05 15:50:27
Share with:

ජපාන සහායෙන් ඉදිවන කටුනායක ගුවන්තොටුපොළේ නව මගී පර්යන්ත සංකීර්ණයේ ඉදි කිරීම් කටයුතු සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.ඉදිකිරීම් හී පවතින ප්‍රමාදය සම්බන්ධයෙන් ජපන් රජයට පැමිණිලි කිරීමට ද අමාත්‍යවරයා අපේක්ෂා කරයි. ඉදි කිරීම් සමාගම් තෝරා ගෙන ඇත්තේ  ජපාන රජය විසිනි.එම ඉදිකිරීම් හී වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සෑහිමකට පත් නොවන බව අමාත්‍යවරයා සඳහන් කළේ කටුනායක ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

මීට වසර අටකට පමණ පෙර මේ ඉදි කිරීම්වලට අදාළ කොන්ත්‍රාත් අත්සන් තබා ඇති නමුත් මේ දක්වා එහි සැලකිය යුතු ප්‍රගතියක් දක්නට නොමැත.මෙම සංවර්ධන ව්‍යාපෘතියේ සමස්ථ වැය ඇස්තමේන්තුව රුපියල් බිලියන එකසිය දහතුනකි (113).

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම