චීන-ග්‍රීක රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 50වැනි සංවත්සරයට දෙරටේ රාජ්‍ය නාකයන්ගෙන් සුබ පැතුම්
2022-06-05 15:09:19
Share with:

චීන ජනාධිපතිවරයා හා ග්‍රීක ජනාධිපතිවරිය දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 50වැනි සංවත්සරය වෙනුවෙන් අන්‍යෝන්‍ය ලෙස සුබ පැතුම් පණිවුඩ යොමු කරති. ඔවුන් අද(05) එම පණිවුඩ යොමු කර ඇත.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා තම පණිවුඩයෙන් සඳහන් කළේ, Katerina Sakellaropoulou ජනාධිපතිවරිය සමග එක්ව, දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 50වැනි සංවත්සරය නිමිති කරගෙන ආවේණික මිතුදම තහවුරු කිරීමට කැමති බවයි. ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කරමින් සංස්කෘතික අදහස් හුවමාරුව ඉදිරියට රැගෙන යාමද අපේක්ෂාවකි. චීන-ග්‍රීක පූර්ණ උපාය මාර්ගික හවුල්කාරීත්ව සබඳතාව වැඩිදියුණු කරමින්, දෙරටටත් දෙරටේ ජනතාවටත් සුබසෙත සැලසීමට කැමැත්තෙන් සිටින බව ද ෂී ජින් පිං මහතා අවධාරණය කර තිබේ.

එමෙන් ම, චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා හා ග්‍රීක අග්‍රාමාත්‍ය Kyriakos Mitsotakis මහතා අතර සුබ පැතුම් පණිවුඩ ද  හුවමාරු කර ගෙන තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම