රුසියානු-යුක්රේන ගැටුමෙන් ඇතිවූ ආහාර අර්බුදය 2023 වසර දක්වා පවතිනු ඇති බවට අනතුරු ඇඟවීමක්
2022-06-04 15:28:10
Share with:

රුසියානු-යුක්රේන ගැටුමෙන් ඇතිවූ ආහාර අර්බුදය ලබන වසර දක්වා පවතිනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය අනතුරු අඟවයි.

එම සංවිධානයේ ප්‍රධාන ආර්ථික විශේෂඥ Maximo Torero මහතා ඊයේ(03) චීන මාධ්‍ය සමූහය අමතමින් මේ බව පැවසීය.

එක්සත් ජානීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පසුගිය මාසයේ ආහාර මිල දර්ශකය නිකුත් කළේ ය. ඒ අනුව, මැයි මාසයේ ආහාර මිල දර්ශකය පහත වැටී  තිබුණ ද තිරිඟු හා මස් වල මිල ඉහළ ගොස් තිබිණ.

අනාගතයේ දී, රුසියාව හා යුක්රේනය යන රටවල් 2කේ පොහොර හා ධාන්‍ය අපනයනය කිරීමට නොහැකි වෙන්නේ නම්, 2023 වසරේ ගෝලීය කෘෂිකාර්මාන්තයට අඛණ්ඩ ව බලපෑමක් එල්ල වනු ඇති බව ද Maximo Torero මහතා පවසයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම