ඇමරිකානු ඩොලර් බිලියන 03ක ණය ආධාර ලබා ගැනීම සදහා ශ්රීර ලංකාව සහ ජාත්යනන්තර මූල්ය් අරමුදල අතර සාකච්ඡා
2022-06-03 14:48:32
Share with:

ඇමරිකානු ඩොලර් බිලියන 03ක ණය ආධාර ලබා ගැනීම සදහා ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පවත්වමින් සිටී. එහිදී විස්තීරණ අරමුදල් පහසුකම යටතේ අදාළ ණය මුදල ශ්‍රී ලංකාවට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සැළසුම් කරමින් සිටින බව  වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් මේ මස මුල් සතියේ තවත් තාක්‍ෂණික සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිත  ඇත.එ.

ඒ අනුව ශ්‍රී ලංකා රජය ජුනි මස අවසන්වන විට ජාත්‍යන්ත මූල්‍ය අරමුදල සමඟ එකඟත්වයකට එළැඹීමට බලාපොරොත්තුවෙන් සිටී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා කියා සිටියේ ණය ලබාදීම සදහා ශ්‍රී ලංකාව ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම අවශ්‍ය බවය. ඒ අනුව පුළුල් ප්‍රතිසංස්කරණ පැකේජයක් සදහා ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම