භාණ්ඩ හිඟයක් ඇති නොවීමට කටයුතු කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්
2022-06-03 14:51:24
Share with:

සියලු ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත්ව පවත්වාගෙන යමින් භාණ්ඩ හිඟයක් ඇති නොවීමට  කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් දෙයි.

භාණ්ඩ හිඟයක් මවා පාමින් මිල ඉහළ නැංවීමට ඇතැම් ව්‍යාපාරිකයන් සංවිධානාත්මකව දරන උත්සාහය ඉන් වැළැක්විය හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතාවයට අදාළව මුහුණ දෙන අභියෝග සඳහා කඩිනම් විසඳුම් සැලසීම සම්බන්ධයෙන් ඊයේ (02) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී  ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

තොග වෙළෙඳපොළට බෙදාහරින කෘෂි අස්වනු කොටසක් ග්‍රාමීය වෙළෙඳසැල්වලට සෘජුව ම ලැබීමට සැලැස්විය යුතු බවට ද ජනාධිපතිවරයා විසින් උපදෙස් දී තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම