ඇමරිකාව ‘ඇවිලෙන ගින්නට තවත් පිදුරු දමන’ බව රුසියාව පවසයි
2022-06-02 11:45:48
Share with:

ඇමරිකාව යුක්රේනයට ලබාදෙන නව ආරක්ෂක සහනාධාර, ‘ඇවිලෙන  ගින්නට තවත් පිදුරු දැමීමක්’ බව රුසියාව පවසයි.

මධ්‍යම දුර මිසයිල නිකුත් කිරීමේ පද්ධතිය ඇතුළුව ඇමරිකානු ඩොලර් මිලියන 700ක් වටිනාකමින් යුත් නව ආරක්ෂක සහනාධාර ඇමරිකාව විසින් යුක්රේනයට ලබාදෙන බව ධවල මන්දිරය පසුගිය මැයි 31දා  නිවේදනය කළේ ය.

මේ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති මාධ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේ,  ඇමරිකාව හිතාමතාම, පවතින යුදගින්න තව තවත් අවුළුවා ලීමට ක්‍රියාකරන බවයි. ඊයේ (01) රුසියානු මාධ්‍ය වාර්තාවකට අනුව, ඇමරිකාවේ එම ක්‍රියාව යුක්රේන නායකයන්ගේ සාම සාකච්ඡාවන්ට ඇති කැමැත්ත දිරිමත් නොකරන බව රුසියාවේ  විශ්වාසය යි.

ඊට අමතරව , යුක්රේන රාජ්‍ය වෙබ් අඩවිය ඊයේ (01) නිකුත් කළ වාර්තාවකට අනුව, යුක්රේනය සහ පෝලන්තය අවි ආයුධ නිෂ්පාදනය කිරීමේ ඒකාබද්ධ ව්‍යාපාරයක් පිහිටුවීමට ද සැලසුම් කර ඇත.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම