අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විශාල පිරිසකට පීඩා
2022-06-02 15:22:29
Share with:

රටේ ප්‍රදේශ රැසකට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එක් පුද්ගලයකු මරණයට පත්ව පවුල් 3,583කට අයත් පුද්ග‍ලයෝ 15,753ක් පීඩාවට පත්ව සිටිති. ඉන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර, එම දිස්ත්‍රික්කයේ පවුල් 2,448කට අයත් 8,517 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ රාජකාරි අවසන් කර නිවෙස බලා ගමන් කරමින් සිටි සහන සේවා නිලධාරියකු වන අතර, ඔහු රත්නපුර, කුරුවිට ප්‍රදේශයේදී ගංවතුරට ගසාගෙන යෑමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 6කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22කට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, පීඩාවට පත් වූවන්ගෙන් පවුල් 61කට අයත් පුද්ගලයන් 232 දෙනකු ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම