වනුවාටු ජනරජයේ ජනපති හා චීන විදේශ අමාත්‍යවරයා අතර හමුවක්
2022-06-02 14:47:09
Share with:

වනුවාටු ජනරජයේ ජනපති සහ චීන විදේශ අමාත්‍යවරයා අතර හමුවක් පැවැත්වේ. හමුව ඊයේ (01) වනුවාටු Port Vila අගනගරයේ පැවැත්විණ.

තම ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට සහ යටිතල පහසුකම් ගොඩනැගීමට චීනය සැම විටම ප්‍රමුඛ සහාය ලබා දුන් අතර, එය තම ජනතාවට විශාල ප්‍රතිලාභ හිමි කර දී ඇතැයි වනුවාටු ජනරජයේ ජනාධිපති Tallis Obed Moses මහතා එහිදී පැවසීය. චීනය, වනුවාටු ජනරජයේ විශ්වසනීය සැබෑ මිතුරෙකු බව ක්‍රියාවන්ගෙන් සනාථ කර ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය. වනුවාටු ජනරජය අඛණ්ඩව එකම චීනය මූලධර්මය අනුගමනය කරමින් දෙරට සබඳතාව ප්‍රවර්ධනය කරනු ඇති බව Tallis Obed Moses මහතා කියා සිටියේය. 

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 40 වැනි සංවත්සරය මේ වසරේ යෙදී ඇති අතර, ගත වූ වසර 40 තුළ, දෙරට සබඳතාව වඩාත් ශක්තිමත් වී ඇති බව චීන විදේශ අමාත්‍ය වං යී මහතා පැවසීය. 

සාර්ථක ද්විපාර්ශ්වික හුවමාරු අත්දැකීම් මත පදනම්ව, විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කරමින්, එක්ව දෙරටේ සම්බන්ධතාවට නව දීප්තිමත් අනාගතයක් ගොඩනැගීමට චීනය කැමැත්තෙන් සිටින බව වං යී මහතා කීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම