යල කන්නයට අවශ්යප පොහොර ඉන්දියාවෙන්
2022-06-02 15:27:00
Share with:

යල කන්නයට අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එකගතාව පළ කරයි. ඉන්දීය ණය ආධාර යටතේ මෙම පොහොර තොගය සැපයෙන අතර රටට ලැබී දින 20 ක් ඇතුලත බෙදා හැරීමට සැලසුම් කර තිබේ. වාරිමාර්ග ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග පිළිබඳව කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

උමාඔය සහ මොරගහකන්ද ව්‍යාපෘති මේ වසර නිමවීමට පෙර අවසන් කිරීමෙන් මහ කන්නයේදී ප්‍රතිලාභ ලබා දිය හැකි බවද එහිදී අනාවරණය විය. ඊට සමගාමීව මොරාණ, මහගල්ගමුව පෝෂිත ඇල, මහගෝණවැව, විලකණ්ඩිය වැව සහ ගොඩිගමුව වැව යන ව්‍යාපෘතිවලද වැඩ නිම වීමට නියමිතය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම