චීනයෙන් ශ්‍රී ලංකාවට හදිසි මානුෂීය සහනාධාරයක්
2022-06-02 21:01:06
Share with:

ශ්‍රී ලංකාව වෙත හදිසි මානුෂීය සහනාධාරයක් සැපයීමට චීනය පියවර ගනී. ධාන්‍ය, ඖෂධ, පාසල් නිල ඇඳුම් රෙදි යනාදිය ඊට ඇතුළත් ය. චීන ජාතික ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා පරිපාලනය මේ බව නිවේදනය කර තිබේ.

ඒ යටතේ, ධාන්‍ය හා ඖෂධ ඇතුළු ප්‍රථම ආධාර තොගය හෙට(03) ෂැංහයි නගරයෙන් පිටත්වීමට නියමිතව ඇත. එම ආධාරවලට අයත් සෙසු ඖෂධ, පාසල් නිල ඇඳුම් රෙදි ඇතුළු ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය සැපයුම් අවස්ථා කිහිපයක දී යැවීමට සැලසුම් කර තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම