“මානවයන් හා සොබාදහම අතර සහජීවනය සහිත නවීකරණ ප්‍රයත්නය ” තේමාවෙන් වැදගත් ලිපියක් චීන ජනපතිගෙන්
2022-06-02 10:10:53
Share with:

මානවයන් හා සොබාදහම සුසංගතයෙන් සහජීවනය සහිත නවීකරණය ගොඩනැගීමට උත්සාහ දැරීම යන ලිපිය චීන ජනාධිපතිවරයා පළ කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා ඊයේ(1) ප්‍රකාශයට පත් වූ Qiushi සඟරාවේ එම වැදගත් ලිපිය පළ කළේය.

චීනයේ නවීකරණය, මානවයන් සහ සොබාදහම සුසංගතයෙන් සහජීවනය සහිත නවීකරණයක් බවත් එය චීන සමාජවාදී නවීකරණයේ වැදගත් ලක්ෂණ වලින් එකක් බවත් එම ලිපයේ සඳහන් විය. එමෙන්ම ද්‍රව්‍යමය ශිෂ්ටාචාරය සහ ජෛව ශිෂ්ටාචාරය ගොඩනැගීම සමගාමීව ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

හරිත මෙන්ම අඩු කාබන් සංවර්ධනය අඛණ්ඩව ප්‍රවර්ධනය කළ යුතු අතර පරිසර දූෂණය වැළැක්වීම සහ පාලනය කිරීම යහපත් ලෙස ක්‍රියා කරමින් ජෛව පරිසර පද්ධතියේ ගුණාත්මකභාවය සහ ස්ථාවරත්වය දියුණු කළ යුතු ය. ගෝලීය තිරසර සංවර්ධනය සක්‍රීය ලෙස ප්‍රවර්ධනය කරමින් ජාතික ජෛව පරිසර පාලන පද්ධතියේ හා හැකියාවේ නවීකරණ මට්ටම වැඩිදියුණු කරන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම ලිපියේ සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම