ඇමරිකා නවසීලන්ත ඒකාබද්ධ නිවේදනයේ චීනය සමබන්ධ කරුණුවලට චීනයේ විරෝධය
2022-06-02 09:05:01
Share with:

ඇමරිකාව හා නවසීලන්තය විසින් ඒකාබද්ධ ව නිකුත් කෙරුණු නිවේදනයේ දැක්වෙන චීනය හා සම්බන්ධ කරුණු වලට චීනය තරයේ ම විරුද්ධ වෙයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා ඊයේ(01) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී සඳහන් කළේ එම නිවේදනයේ සඳහන් වන කරුණු මගින් චීනය හා පැසිෆික් දූපත් රටවල් අතර නිසි සහයෝගිතා අපකීර්තියට ලක් කර ඇති බවයි. එහි දකුණු චීන මුහුද සම්බන්ධ ගැටළු හිතා මතා ව ඉස්මතු කර ඇති අතර, තායිවාන ප්‍රදේශය, Xinjiang උයිගුර් ස්වායත්තය හා හොංකොං විශේෂ පරිපාලන කලාපය සම්බන්ධ චීනයේ අභ්‍යන්තර කටයුතු වලට ඉතා ඍජු ව අනිසි බලපෑමක් එල්ල කිරීමක් එම නිවේදනයේ දැක්වෙයි. චීනය ඊට තරයේ ම විරුද්ධ වන බව ද Zhao Lijian මහතා පැවසීය.

ඇමරිකානු ජනාධිපති ජෝන් බයිඩන් මහතා පසුගිය දා නවසීලන්ත අග්‍රාමාත්‍ය Jacinda Ardern මහත්මිය හමුවූ අවස්ථාවේදී ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කෙරිණ. චීනය හා සොලමන් දූපත් අතර ආරක්ෂක සහයෝගිතා රාමු ගිවිසුම පිළිබඳව එම නිවේදනය අවධානය යොමු කර තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම