ආනයන පාලනයට පියවර
2022-06-02 15:30:38
Share with:

ආනයන පාලනය කරමින් ආදායම ඉහළ නංවාගැනීමට රජය පියවර රැසක් අනුගමනය කරයි.

ඒ අනුව විදුලි උපකරණ, රූපලාවන්‍ය ද්‍රව්‍ය, මධ්‍යසාර සහ දුම්කොල, පලතුරු ආදී අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා තීරුබදු සහ අධිභාර ඉහළ දමා ඇත. ආනයනික චොක්ලට් සඳහා සියයට දෙසියක තීරු බදු අධිභාරයක් පනවා තිබේ. මධ්‍යසාර, දුම්කොල, බීර සහ පලතුරු යුෂ සඳහා පනවා ඇති තීරු බදු අධිභාර සියයට සියයකි. රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ පාවහන් සඳහා සියයට 75 ක තීරු බදු අධිභාරයක් පනවා ඇත. ඊට අමතරව යෝගට් සඳහා රුපියල් දෙදහසක්ද බටර් සඳහා රුපියල් 1500 ක්ද ආනයනික පලතුරු සඳහා රුපියල් 600 බැගින්ද විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා ඇත.

මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයෙහි මේ බව දැක් වේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම