චීනයේ ආර්ථික තත්ත්වය වඩාත් ස්ථාවර කිරීමට පියවර
2022-06-02 10:53:46
Share with:

රටේ ආර්ථික තත්ත්වය වඩාත් ස්ථාවර කිරීමට චීනය පියවර ගනී.

චීන අග්‍රාමාත්‍ය ලි ක ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් චීන රාජ්‍ය මණ්ඩලයේ රැස්වීමක් ඊයේ (01) පැවැත්විණ. රටේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා කිරීම එහි ප්‍රධාන කාර්යය විය.

එම ප්‍රතිපත්ති වඩාත් පූර්ණ වශයෙන් ක්‍රියාවට නංවා එහි ක්‍රියාකාරීත්වය මැනවින් අධීක්ෂණයට ලක් කළ යුතු බවත් , ප්‍රතිසංස්කරණය හා වෙළඳකරණය මගින් ඇතැම් ගැටළු නිරාකරණය කළ යුතු බවත්, එම රැස්වීමේදී අවධාරණය කෙරිණ. දැනට ඇතැම් පිරිස් රැකියා නියුක්තිය හා ආදායම් පිළිබඳ ගැටළුවලට මුහුණ පා ඇති බැවින්, ඔවුහු ජීවන දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිති. එබැවින් අදාළ ප්‍රතිපත්ති අනුගමනය කරමින් ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමට කටයුතු කළ යුතු බව එම රැස්වීම පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම