චීනයේ "පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සඳහා 14 වැනි පස් අවුරුදු සැලැස්ම" නිකුත් කෙරේ
2022-06-02 10:32:26
Share with:

චීනයේ "පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සඳහා 14 වැනි පස් අවුරුදු සැලැස්ම" ඊයේ (1) නිකුත් කෙරිණ.

2025 වසර වන විට පුනර්ජනනීය බලශක්තියේ මුළු පරිභෝජනය සම්මත ගල් අඟුරු ටොන් බිලියනයක් පමණ වන අතර, එය ප්‍රාථමික බලශක්ති පරිභෝජනයෙන් 18% ක් පමණ වන බව එම සැලැස්ම ඍජුව සඳහන් කරයි. බලශක්ති උත්පාදනය සම්බන්ධයෙන් ගත් කල, පුනර්ජනනීය බලශක්තියේ වාර්ෂික බලශක්ති උත්පාදනය kWh ට්‍රිලියන 3.3 දක්වා ළඟා වනු ඇති අතර, සුළං සහ සූර්ය බලශක්ති උත්පාදනය දෙගුණ වනු ඇත. විදුලිය නොවන බලශක්තීන්  පිළිබඳ සැලකීමේ දී, සූර්ය තාපය, භූ තාපය  සහ ජෛව ස්කන්ධ උණුසුම වැනි  භාවිතයන් හි පරිමාණය සම්මත ගල් අඟුරු ටොන් මිලියන 60 කට වඩා වැඩි වනු ඇතැයි ද සැලැස්ම සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම