රුසියානු-යුක්රේන ගැටුමෙන් උද්ගත විය හැකි ආහාර අර්බුදයට කඩිනම් ප්‍රතිචාර දක්වන්නැයි ජගත් මහලේකම්වරයා ජගත් ප්‍රජාවගෙන් ඉල්ලයි
2022-06-02 09:56:02
Share with:

රුසියානු-යුක්රේන ගැටුමෙන් උද්ගත විය හැකි ආහාර අර්බුදයට කඩිනම් ප්‍රතිචාර දක්වන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඉල්ලා සිටී.

එවැනි ආහාර අර්බුදයකට මුහුණ දීම සඳහා කඩිනම් හා තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්නා ලෙස, ජගත් මහලේකම් António Guterres මහතා, ඊයේ (1) ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවර දී ජගත් ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

යුක්රේනයේ හා රුසියාවේ ආහාර සහ පොහොර නැවත ජාත්‍යන්තර වෙළඳපොළට ඇතුළු නොවන්නේ නම්, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගැටලුවට ඵලදායී විසඳුමක් නොලැබෙනු ඇතැයි හෙතෙම පැවසීය. රුසියානු-යුක්රේන ගැටුම සංවාදයක් මගින් අවසන් කිරීමට තමා අඛණ්ඩව උත්සාහ කරන බව ද මහලේකම්වරයා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම