අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදාව
2022-06-01 16:27:51
Share with:

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්  ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතේ ගංවතුර අවධානම සහිත ප්‍රදේශ වෙත නාවික හමුදා සහන කණ්ඩායම් 13ක් ස්ථානගත කිරීමට පියවර ගෙන තිබේ.                                                                                                                                                                                                  

කළු සහ ගිං යන ගංඟා ද්‍රෝණීන්හි  ධාරා  ප්‍රදේශ වෙත  අධික  වර්ෂාපතනයක් ඇදහැලීම හේතුවෙන් එම ගංඟාවන්ගේ ජල මට්ටම රත්නපුර, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කයන්ගේ ඇතැම් ප්‍රදේශවල පිටාර මට්ටමට පැමිණ ඇති අතර, එමඟින් පීඩාවට පත්වන ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් මෙලෙස ස්ථානගත කරන ඇත.

මේ අනුව කළුතර දිස්ත්‍රික්කයේ පරගොඩ, බඳුරලිය, බුලත්සිංහල සහ පැලවත්ත යන ප්‍රදේශ වෙතද, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර නගරය, දෙල්ගොඩ, අයගම සහ මුවගම ප්‍රදේශ වෙත ද, දකුණු නාවික විධානය මඟින් ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, හිනිදුම, නාගොඩ සහ මාපලගම යන ප්‍රදේශ වෙතද වශයෙන් සහන කණ්ඩායම් යොදවා තිබේ.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම