චීන හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ජනාධිපතිවරුන් අතර දුරකථන සංවාදයක්
2022-06-01 15:42:57
Share with:

චීන ජනාධිපතිවරයා හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ජනාධිපතිවරයා දුරකථන සංවාදයක නිරත වෙති. සංවාදය ඊයේ (31) පස්වරුවේ සිදු විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට තම ස්වෛරීත්වය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමටත්, සිය රටට සුදුසු සංවර්ධන මාර්ගයක් ගවේෂණය කිරීමටත් චීනය සහාය වන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සංවාදයේදී අවධාරණය කළේය. නව කොරොනා වසංගතය පාලනය කිරීම සහ “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ඇතුළු ක්ෂේත්‍රවල ද්‍විපාර්ශ්වික සහයෝගිතා ප්‍රවර්ධනය කරමින් ලෝක තිරසර සංවර්ධනයට එක්ව දායක වීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ෂී ජින් පිං මහතා පැවසීය.

දෙපාර්ශ්වයන්ගේ කැපවීම් තුළින් දෙරටේ විස්තීරණ උපායමාර්ගික හවුල්කාරීත්වයට වඩා සුන්දර අනාගතයක් හිමි වනු ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍ය ජනාධිපති Mohamed bin Zayed Al Nahyan මහතා එහදී පෙන්වා දුන්නේය.


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම