චීන ආධාර මත සැම්බියානු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන ව්‍යාපෘතිය සාර්ථකව නිම කෙරේ
2022-06-01 10:11:40
Share with:

චීන රජයේ ආධාර යටතේ ඉදි කෙරුණු සැම්බියානු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය භාර දීමේ උත්සවය, ඊයේ(31) සැම්බියාවේ Lusaka නුවර දී පැවැත්විණ.

සැම්බියානු ජනාධිපති Hakainde Hichilema මහතා ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය විවෘත කරමින් පැවසුවේ සැම්බියාව චීන රජයට අවංකවම ස්තුතිය පළ කරන බවයි. මෑත වසරවල දෙරට අතර, යටිතල පහසුකම්, බලශක්ති, ගුවන් සේවා, සෞඛ්‍ය සේවා හා අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල පුළුල් සහයෝගතා සිදු කිරීමෙන්, දෙරටේම ජනතාවට ප්‍රතිලාභ හිමිවී  ඇත. වඩා වැඩි සැම්බියානු භාණ්ඩ චීන වෙළඳපොළට ප්‍රවේශ වීමටත් දෙරට අතර අන්‍යෝන්‍ය යහපත හා පොදු ජයග්‍රහණ සාක්ෂාත් කිරීමටත් බලාපොරොත්තු වන බව Hakainde Hichilema මහතා එහිදී සඳහන් කළේ ය.

සැම්බියාවේ චීන තානාපති Du Xiaohui මහතා එහිදී පැවසුවේ, අවිනිශ්චිත ලෝකයකට නිශ්චිතභාවය, සාමය හා සංවර්ධනය ලබා දීම සඳහා අප්‍රිකා රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවයි.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම