චීනය සහ ඇමරිකාව සහජීවන මූලධර්මය ස්ථාපිත කළ යුතු බව හිටපු රාජ්‍ය ලේකම්වරයෙකු වන Henry Kissinger මහතා පවසයි
2022-06-01 10:30:09
Share with:

චීනය සහ ඇමරිකාව සහජීවන මූලධර්මය ස්ථාපිත කරමින් සහජීවන ක්‍රමයක් සොයා ගත යුතු බව ඇමරිකා හිටපු රාජ්‍ය ලේකම්වරයෙක් පවසයි.

ඇමරිකා හිටපු රාජ්‍ය ලේකම්වරයෙකු වන Henry Kissinger මහතා ඊයේ(31) පැවති Kissinger හා චීන ඇමරිකා සබඳතාව පිළිබඳ වැඩමුළුවට මාර්ගගතව එක් වෙමින් මේ බව පැවසීය. ප්‍රධාන බලවතුන් ලෙසට චීනය සහ ඇමරිකාව සහජීවන මූලධර්මය ස්ථාපිත කරමින් ඒකාබද්ධව ගැටීම් වැළැක්විය යුතු බව Henry Kissinger මහතා  පැවසීය.

චීනයේ රාජ්‍ය පාලනය සහ විදේශ ප්‍රතිපත්තිය වසර දහස් ගණනක ඉතිහාසය මත පදනම් වන අතර ඇමරිකාවේ ප්‍රතිපත්ති පදනම් වී ඇත්තේ ප්‍රායෝගික භාවය බව ඔහු පෙන්වා දුන්නේය.

දෙරට සංවාද පවත්වමින් එකිනෙකාගේ අවධානයන්ට ගරු කළ යුතු බවට Kissinger යෝජනා කළේය. චීන-ඇමරිකා සංවාදය ඔස්සේ දෙරටට සහ ලෝකයට තිරසර සාමය ගෙන එනු ඇතැයි ඔහු අපේක්ෂා කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම