ඇමරිකාවේ විවිධ ප්‍රදේශ වලින් වෙඩි තැබීමේ සිද්ධීන් රැසක්
2022-06-01 10:33:05
Share with:

ඇමරිකාවේ විවිධ ප්‍රදේශ වලින් වෙඩි තැබීමේ සිද්ධීන් වාර්තා වෙයි.

මෑතක දී ඇමරිකාවේ වෙඩි තැබීමේ සිද්ධි රැසක් සිදුවූ  බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. අදාළ දත්තවලට අනුව, ගත වූ දින 3 ක කාලය තුළ සමස්ත ඇමරිකාවේ දරුණු වෙඩි තැබීමේ සිද්ධි 14ක් සිදු ව තිබේ.

ඇමරිකානු "Gun Violence Archives” නම් අවි ප්‍රචණ්ඩ සිද්ධි ලේඛනය පිළිබඳ වෙබ් අඩවියේ හෙළි කළ නවතම දත්තයන්ට අනුව, පසුගිය මැයි මස 28 වනදා සිට 30 වනදා දක්වා කාලය තුළ ඇමරිකාවේ ජනපද 10ක දී දරුණු වෙඩි තැබීමේ සිද්ධි 14ක් සිදු වී තිබේ. ඉන් අවම වශයෙන් 9 දෙනෙක් මිය ගොස් ඇති අතර තවත් 60කට වැඩි පිරිසක්  තුවාල ලැබූහ.

පසුගිය 31 වනදා ඇමරිකාවේ Louisiana ජනපදයේ New Orleans හි පොලිසිය ප්‍රකාශ කළේ එම ප්‍රදේශයේ පිහිටි විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමේ සිදුවීමකින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වූ අතර දෙදෙනෙකුට තුවාල සිදුව ඇති බවයි.  

   

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම