පොදු ඉරණම සහිත මානව ඒකකය ගොඩනැගීම ලෝක ආහාර සුරක්ෂිතතාව පවත්වා ගැනීමට ඇති එකම මාර්ගය බව අවධාරණය කෙරේ
2022-06-01 14:23:37
Share with:

පොදු ඉරණම සහිත මානව ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනය කොට ‌ගෝලීය ආහාර සුරක්ෂිතතාව ආරක්ෂා කිරීමට චීනය සමඟ එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ජාත්‍යන්තර කෘෂිකර්ම පර්යේෂණ ආයතනයක නිලධාරියෙක් පවසයි.

2020 ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණික සහයෝගිතා සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ (31) ඉතාලියේ චීන තානාපති කාර්යාලයේ දී පැවැත්විණ. එහිදී සම්මානය දිනාගත් ජාත්‍යන්තර ජෛව විවිධත්ව  සහ ජාත්‍යන්තර නිවර්තන කෘෂිකාර්මික මධ්‍යස්ථාන සන්ධානයේ අධ්‍යක්ෂ ජනරාල් Restrepo මහතා මේ බව පැවසීය.

ගෝලීය ආහාර අනාරක්ෂිත භාවය නරක අතට හැරෙන පසුබිම යටතේ, පොදු ඉරණම සහිත මානව ප්‍රජාව ගොඩනැගීම, මානව වර්ගයාගේ පොදු අභියෝග ජය ගෙන ලෝක ආහාර සුරක්ෂිතතාව පවත්වා ගැනීමට ඇති එකම මාර්ගය බව හෙතෙම පැවසීය.

ගෝලීය ආහාර සුරක්ෂිතතාව ආරක්ෂා කිරීම සඳහා පොදු ඉරණම සහිත මානව ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට ක්‍රියාකාරීව සහභාගී වීමට සන්ධානය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම