චීනයේ ළමා මධ්ය ස්ථානයේ 40 වැනි සංවත්සරය ට චීන ජනපති ගෙන් සුබ පැතුම්
2022-05-31 18:37:45
Share with:

චීනයේ ළමා මධ්‍යස්ථානයේ 40 වැනි සංවත්සරය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පණිවිඩයක් යොමු කරයි

ෂී ජින් පිං මහතා  ජුනි පළමුවැනිදාට යෙදෙන ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන්, රට පුරා සිටින දරුවන්ට ප්‍රථමයෙන්ම සිය සුබ පැතුම් පළ  කළේය . පසුගිය වසර 40 තුළ චීන ළමා මධ්‍යස්ථානය, පක්ෂය සහ රට වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ මූලික මෙහෙවරට අනුගත වෙමින් සදාචාරය ගොඩනැගීමේ සහ යහපත් පුරවැසියන් බිහි කිරීමේ මූලික කර්තව්‍ය ක්‍රියාවට නංවා බහුතර දරුවන්ට සේවය කළ බව එම සුබ පැතුම්  පණිවිඩයෙන් පෙන්වා දී ඇත. සමාජවාදී අරමුණෙහි ඉදිකිරීම්කරුවන් සහ අනුප්‍රාප්තිකයින් පුහුණු කිරීම සඳහා චීන ළමා මධ්‍යස්ථානය ධනාත්මක දායකත්වයක් ලබා දී ඇතැයි ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම