දේශ සීමා මායිම් පිළිබඳ ගැටළු චීන-ඉන්දීය සබඳතාවේ සමස්තය නොවේ
2022-05-31 18:29:24
Share with:

දේශ සීමා මායිම් පිළිබඳ ගැටළු චීන-ඉන්දීය සබඳතාවේ සමස්තය නොවන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද(31) පැවති මාධ්‍ය හමුවේදී මේ බව අවධාරණය කළේ ය. ඉන්දීය වාණිජ අමාත්‍යංශය නිකුත් කළ නවතම දත්තයන්ට අනුව, ඇමරිකාව, චීනය අභිභවා යමින් ඉන්දියාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා බවට පත් ව ඇත.

ඉන්දියාව, සෙසු රටවල් සමග නිසි වෙළඳ සබඳතාවන් වැඩිදියුණු කිරීම සමබන්ධයෙන් චීනය අනිසි බලපෑම් එල්ල නොකරන බව Zhao Lijian මහතා පවසයි. චීනය හා ඉන්දියාව අතර ආර්ථික හා වෙළඳ ආයෝජන හා සහයෝගිතා වෙත සාධාරණ, විනිවිද හා තිරසර ගුණාත්මක පරිසරයක් බිහි කිරීම සඳහා ඉන්දියාව පෙනී සිටීමට කැමති ද නැද්ද යන්න චීනයේ සැලකිල්ල බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම