ඇමරිකාවේ පුද්ගලික ඉතුරුම් අනුපාතය 2008 න් පසු වාර්තා වූ පහළම අගයක
2022-05-31 12:10:01
Share with:

Fox Business ප්‍රවෘත්ති වෙබ් අඩවිය ඊයේ(30) පළ කළ වාර්තාවලට අනුව, ඇමරිකානුවන් ඉතුරුම් අඩු කරමින් සිටින අතර, එය ඇමරිකානු ආර්ථික විභවයට දැඩිව බලපා ඇත.

ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව, ඇමරිකානුවන්ගේ පුද්ගලික ඉතුරුම් අනුපාතය අප්‍රේල් මාසයේදී 4.4%ක්  දක්වා පහත වැටී ඇත. මෙය 2008 වසරෙන් පසු වාර්තා වූ අඩුම අගයයි.

ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකය වසර 40කින් ඉහළම අගයට පැමිණීමත් සමඟ ම, ඉන්ධනවල සිට ආහාර ද්‍රව්‍ය දක්වා සෑම දෙයකම මිල ඉහළ යමින් පවතී. මෙය තනිපුද්ගල ශේෂ පත්‍ර ක්ෂය වීම කෙරෙහි ද බලපා ඇත.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම