ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්යත සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුඑල් වැඩසටහනක් වහාම ක්රිරයාත්මක කරන ලෙසට ජනපති ගෙන් උපදෙස්
2022-05-31 15:01:50
Share with:

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුඑල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. පොහොර අවශ්‍යතාව සපුරා ගැනිම සඳහා රටවල් කිහිපයක් සමග කර ඇති සාකච්ඡා සාර්ථක වී තිබේ. එබැවින් පොහොර හිගය හෝ වෙන යම් හේතුවක් පාදක කරගනිමින් යළ කන්නයේ වගාව අත්නොහරින ලෙස ජනාධිපතිවරයා සියලුම ගොවීන්ගෙන් ඉල්ලිමක් ක‍ළේය. යළ කන්නයේ වගා කටයුතු සහ ඉදිරියේදි ඇතිවිය හැකි ආහාර හිගය අවම කරගැනිම පිළිබඳ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ  පැවති සාකච්ඡාවකදී හෙතෙම මෙම අදහස් පලකලේය. පොහොර ගෙන්වීම, බෙදාහැරීම නිසි කළමනාකරණය දැනුවත් කිරිම, ගොවීන් සහ නිලධාරීන් අතර සම්බන්ධීකරණය සඳහා ජාතික පොහොර ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් විය යුතුව ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම