සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනය දක්වන සහාය පුළුල් කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි.
චීන රාජ්‍ය මණ්ඩල සාමාජික මෙන්ම විදේශ අමාත්‍ය වං යී මහතා ඊයේ(30) Fiji ජනරජයේ 2වැනි චීන-පැසිෆික් දූපත් රටවල විදේශ ඇමතිවරුන්ගේ සමුළුවේ මුලසන දැරීය. ඉන් පසු හෙතෙම මාධ්‍යයන් අමතමින් පැවසුවේ සංවර්ධනය වෙමින් පවතින විශාල රටක් වන චීනය, වගකීම් සහගත රටක් ද වන බවයි. දකුණු පැසිෆික් දූපත් රටවල් වලට පමණක් නොව, අප්‍රිකාව, ආසියාව හා ලතින් ඇමරිකාවට අයත් සංවර්ධනය වෙමින් පවතින රටවලට ද චීනය සහායක් දක්වයි. චීනය, සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග එක්ව, පොදු සංවර්ධනය හා සෞභාග්‍යය සාක්ෂාත් කරගැනීම, ලෝක සාධාරණත්වය, සුසංගතභාවය හා ස්ථාවරත්වය වෙනුවෙන් ක්‍රියා කරන බව ද චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කරයි.