අත්යශවශ්යය භාණ්ඩ ආනයනය සඳහා අවශ්යි පහසුකම් සැලසීමට ශ්රීම ලංකා මහ බැංකුව පියවර ගනී
2022-05-31 15:05:14
Share with:

රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරයි.

මුදල් අමාත්‍යංශය විසින් පසුගිය 20 දා සිට බලපැවැත්වෙන පරිදි, කොන්දේසිවලට යටත්ව විවෘත ගිණුම් ගෙවීම් නියමයන් හෝ තොග ගිණුම් නියමයන් භාවිතය සීමා කරමින් ආනයන පාලන රෙගුලාසි පැනවූ අතර මෙරට බැංකු පද්ධතියේ විදේශ විනිමය ද්‍රවශීලතා තත්ත්වයන් වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය විසින් මේ පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් මේ ගෙවීම් කොන්දේසි හේතුවෙන් රටතුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල විශාල හිඟයක් ඇති වියහැකි බවට වෙළඳ ප්‍රජාව සිදුකළ අනතුරු ඇඟවීම් පිළිබඳව මහ බැංකුව සිය දැඩි අවධානය යොමු කරමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙවන් පසුබිමක් යටතේ, ඉදිරි කාලසීමාව තුළ ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා බැංකු පද්ධතිය තුළින් විදේශ විනිමය ලබාගැනීමේ හැකියාව සහතික කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම