සටන් විරාමය දීර්ඝ කිරීමට පාකිස්ථාන රජයේ සහ එරට තලේබාන් සංවිධානයේ එකඟතාව
2022-05-31 15:53:06
Share with:

සටන් විරාමය දින නියමයක් නොමැතිව දීර්ඝ කිරීමට පාකිස්ථාන රජය සහ එරට තලේබන් සංවිධානය එකඟතාව පළ කරයි.

පාකිස්ථාන දේශසීමා මායිම් ප්‍රදේශවල වසර 20ක පමණ කාලයක් පැවති සන්නද්ධ ගැටුම් නිමාවට පත් කිරීම සඳහා අඛණ්ඩව සාම සාකච්ඡා පවත්වාගෙන යාමට දෙපාර්ශ්වය කැමැත්ත පළ කර ඇතැයි පාකිස්ථාන මාධ්‍ය අද (31) වාර්තා කළේ ය.  පාකිස්ථාන රජය සහ එරට තලේබන් සංවිධානය අත්සන් කළ සටන් විරාම ගිවිසුම ඊයේ (30) අවසන් වීමට නියමිතව තිබිණ. එම සටන් විරාම ගිවිසුම දින නියමයක් නොමැතිව දීර්ඝ කිරීම මගින් දෙපාර්ශ්වය ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරදී පැවැත්වූ සාම සාකච්ඡා වැදගත් ප්‍රගතියක් ලබාගෙන ඇති බව පිළිබිඹු වේ.

 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම