කරුණු සහ සත්‍යය හමුවේ, ෂින්ජියං හා සම්බන්ධ සියලුම අසත්‍ය සහ කටකතා ස්වයංව බිඳ වැටෙනු ඇති බව චීනය කියයි
2022-05-30 20:14:05
Share with:

කරුණු සහ සත්‍යය හමුවේ, ෂින්ජියං හා සම්බන්ධ සියලුම අසත්‍ය සහ කටකතා ස්වයංව බිඳ වැටෙනු ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Michelle Bachelet මහත්මිය ගේ චීන සංචාරය සඳහා චීනය කොන්දේසි පනවා ඇතැයි ඇමරිකාව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම අද (30) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

තම චීන සංචාරය පුළුල් හා අධීක්ෂණයකින් තොරවූවක් බව Michelle Bachelet මහත්මිය මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇති බව Zhao Lijian මහතා සඳහන් කළේය. නිදා ගෙන සිටින සේ බොරුවට සිටින අයව,  කෙතෙරම් උත්සාහ කළ ද අවදි කළ නොහැකි බව හෙතෙම පැවසීය.

චීන රජයේ ආරාධනාවකට අනුව Michelle Bachelet මහත්මිය පසුගිය 23වැනිදා සිට 28වැනිදා දක්වා චීනයේ සංචාරයක නිරත වූවාය.‍

ඇය චීනයේ ගතකළ කාලය තුළ සිදු කළ ක්‍රියාකාරකම් ඇගේ අභිමතය හා දෙපාර්ශ්වය අතර  පූර්ව සාකච්ඡාවලදී සැලසුම් කෙරුණු පරිදි සිදු කළ බව Zhao Lijian පැවසීය.

Michelle Bachelet මහත්මිය චීනයේ ගුවන්චෞ නගරයේ හා ෂින්ජියං උයිගුර් ස්වායත්තයේ සංචාර කළාය. එහිදී සාකච්ඡා, අදහස් හුවමාරු හා සියැසින් දැක අවබෝධ කර ගැනීම ඇතුළු ආකාර මගින්,  චීනයේ මානව හිමිකම් සංවර්ධන මාවත පිළිබඳ ඇයගේ අවබෝධ හා පිළි ගැනීම පුළුල් වී තිබෙන බව ද Zhao Lijian මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම