මාතෘ සහ ළමා සෞඛ්ය පිළිබඳ චීනයේ මූලික දර්ශක ලෝකයේ ඉහළ මධ්ය ම සහ ඉහළ ආදායම් ලබන රටවල මට්ටමට පත්වෙයි
2022-05-30 11:10:07
Share with:

චීන ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ කාන්තා හා ළමා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා Songli මහත්මිය අද (30) පැවති මාධ්‍ය හමුවකදී  පැවසුවේ, විශිෂ්ට ප්‍රතිඵල සමඟින් චීන කාන්තාවන්ගේ සහ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය අඛණ්ඩව වැඩිදියුණු වී ඇති බවයි.

ගතවු  වසර 10 තුළ චීන ජාතික මාතෘ මරණ අනුපාතය වසරකට 3.8% ක සාමාන්‍ය අනුපාතයකින් අඩු වී ඇති අතර වයස අවුරුදු 5 ට අඩු ළමුන්ගේ සහ ළදරු මරණ අනුපාතය වසරකට 5% ට  වඩා සාමාන්‍ය අනුපාතයකින් අඩු වී ඇත.

ගෝලීය වශයෙන් , චීනයේ මාතෘ සහ ළමා සෞඛ්‍ය පිළිබඳ මූලික දර්ශක ලෝකයේ ඉහළ මධ්‍යම සහ ඉහළ ආදායම් ලබන රටවල ශ්‍රේණිගත කිරීම් මට්ටමට ප්‍රවේශ වී  තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් චීනය, ඉහළ ගෝලීය මාතෘ සහ ළමා සෞඛ්‍ය කාර්ය සාධනයක් ඇති රටවල් 10 අතරට ඇතුළත් කර ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම