යුරෝපා සංගමය යුදකරණය කිරීමෙන් කිසිදු යහපතක් ඇති නොවන බව රුසියාව කියයි
2022-05-30 11:01:31
Share with:
බටහිර රටවල් යුරෝපා සංගමය යුදකරණය කිරීමෙන් කිසිදු යහපතක් ඇති නොවන බව රුසියානු විදේශ අමාත්‍ය Sergey Lavrov මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (29) ප්‍රංශ මාධ්‍ය සමග සාකච්ඡාවකට එක්වූ අවස්ථාවේදී ය. බටහිර රටවල් යුරෝපා සංගමය යුදකරණය කිරීමට උත්සාහ දරමින් සිටින බව ඔහු එහිදී කියා සිටියේ ය. එසේ යුදකරණය කරනු ලබන යුරෝපා සංගමය නේටෝ සංවිධානයට අනුබද්ධ , ස්වාධීන ව සන්නද්ධ බලයන් යොදාගැනීමට හැකි නොවන ඒකකයක් බව රුසියානු විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.