චීන-පැසිෆික් දූපත් රටවල සබඳතා තවදුරටත් වර්ධනය කරන බව චීන ජනපති කියයි
2022-05-30 15:18:11
Share with:

චීන ජනාධිපතිවරයා චීන-පැසිෆික් දූපත් රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව අමතයි.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද (30) චීන-පැසිෆික් දූපත් රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට ලිඛිත දේශනයක් ඉදිරිපත් කළේය.

මෑත වසරවලදී, චීනය පැසිෆික් දූපත් රටවල් සමඟ පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව අඛණ්ඩව ඉදිරියට ‍ගෙන යමින් ඵලදායී ප්‍රතිඵල අත්කරගෙන තිබෙන අතර එම සබඳතාව දකුණු-දකුණු සහයෝගිතාව, අන්‍යෝන්‍ය යහපත හා පොදු ජයග්‍රාහී ප්‍රතිඵලවල ආදර්ශයක් බවට පත්ව ඇති බව ෂී ජින්පිං මහතා පෙන්වා දෙයි.

ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීනය සැමවිටම පැසිෆික් දූපත් රටවල හොඳ මිතුරෙකු, සහෝදරයෙකු හා හවුල්කරුවෙකු බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. 2021 ඔක්තෝම්බර් මාසයේ, චීන-පැසිෆික් දූපත් රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළු යාන්ත්‍රණය නිල වශයෙන් ස්ථාපිත කෙරිණ. එය චීනය සහ පැසිෆික් දූපත් රටවල් අතර සංවාදය ශක්තිමත් කොට අන්‍යෝන්‍ය විශ්වාසය වැඩිදියුණු කර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම උදෙසා නව වැදගත් වේදිකාවක් බිහිකර ඇතැයි හෙතෙම සඳහන් කළේය.

පොදු ඉරණමක් සහිත වඩා සමීප චීන-පැසිෆික් දූපත් රටවල ඒකකය ‌ ගොඩනැගීම සඳහා පැසිෆික් දූපත් රටවල් සමඟ එක්ව අත්වැල් බැඳ ගැනීමට චීනය කැමැත්තෙන් සිටින බව ද චීන ජනාධිපතිවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම