ජගත් පටිපාටියට දැවැන්තම හානිය සිදු කරන රට ඇමරිකාව බව චීනය කියයි
2022-05-30 19:16:22
Share with:

ජාත්‍යන්තර පටිපාටියට විශාලතම දිගුකාලීන තර්ජන සාධකය වශයෙන් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා චීනයට චෝදනා නැගූ කරුණු, ඇමරිකාවටම ගැලපෙන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක චාඕ ලීජියන් මහතා එසේ පැවසුවේ අද(30) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදීන් නැගූ අදාල ප්‍රශ්නවලට පිලිතුරු දෙමිනි. ඇමරිකාව මුලපිරූ ඊනියා ‘උපමාන පදනම් ව පවතින ජගත් පටිපාටිය’, සැබවින්ම ඇමරිකානු උපමාන මූලික කර ගන්නා ජගත් පටිපාටියක් බව ඔහු පෙන්වා දෙයි.

ඇමරිකාව ජගත් පටිපාටියට දැවැන්තම හානිදායක රටය. පසුගිය සියවසේ අසූව දශකයේ සිට ඇමරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනේස්කෝ සංවිධානය, පැරිස් ගිවිසුම, ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ඇතුළු ජාත්‍යන්තර සංවිධාන හා ගිවිසුම් 17කින් ඉවත් වී තිබිණ. ජාත්‍යන්තර උපමාන, ඇමරිකාවේ ප්‍රතිලාභ හා ආධිපත්‍යයට වාසි වන්නේ නම්, ඒවා ‘හේතු’ ලෙසට යොදා ගැනෙන අතර, ඒවා ඇමරිකාවේ ප්‍රතිලාභ හා ආධිපත්‍යයට පටහැනි වෙන්නේ නම් ඒවා ඇමරිකාවට වායු පටලයක් මෙන් ඵලක් නැතිවා සේය.‍

බල දේශපාලනයේ විශාලතම මෙහෙ‍යුම්කරු ඇමරිකාවය. සිය දේශීය නීතිරීති, ජගත් නීතිරීති හා ජගත් රෙගුලාසි මතම තබා ගෙන ක්‍රියා කරමින් සෙසු රටවලට ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම හා සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට ඇමරිකාව පුරුදුව සිටින බව චාඕ ලීජියන් මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම