කොළඹ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ නියෝගයක්
2022-05-30 15:09:44
Share with:

අරගලකරුවන්ගේ උද්ඝෝෂණකරුවන්ගේ විවිධ තර්ජනවලට ලක්විය හැකි ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවෙස ඇතුළු කොළඹ නගරයේ වැදගත් සහ ප්‍රධාන ස්ථාන රැසක ආරක්ෂක විධිවිධාන තර කෙරේ.

බුද්ධි අංශ වලින් ලැබුණු තොරතුරු පදනම් කරගෙන එම ස්ථානවලට වැඩි ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසට පිවිසෙන මාර්ගය ආවරණය වන පරිදි මාර්ග බාධක යෙදවීමටද පියවර ගෙන ඇත.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම