දඹුල්ලට එළවළු ලැබීම 75%කින් පහළට
2022-05-29 18:39:44
Share with:

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට  එළවළු ලැබීම  75%කින් අඩුවීම නිසා  අද(29) වනවිට එළවළු පාරිභෝගිකයන් පැමිණීමේ විශාල අඩුවක් පවතින බව එහි ව්‍යාපාරිකයෝ පවසති.

එළවළු මිල ද  ඉහළ ගොස් ඇති හෙයින්, විදේශ රටවලින් ගෙන්වන අර්තාපල්, ලොකු ලූනු ආදියේ මිල ද ඉදිරි දින කිහිපය තුළ ඉහළ යනු ඇතැයි ඔවුහු පවසති.

තෙල්, පොහොර හා කෘමිනාශක නොමැතිවීම නිසා ගොවීන් වගාවෙන් ඉවත් වීම හා  සීමිත එළවළු ප්‍රමාණයක් පමණක් වගා කිරීම නිසා එළවළු අස්වැන්න සියයට 75 කට වඩා අඩු වී ඇත. මේ තත්ත්වය මත ඉදිරි දිනවල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් වසා දැමීමේ අවදානමක් පවතින  බව  ද එම ව්‍යාපාරිකයෝ වැඩිදුරටත් කියාසිටිති.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම