මූලය නොදන්නා හෙපටයිටිස් රෝගයෙන් පෙළුණු දරුවන්ගේ සංඛ්‍යාව 650ක් දක්වා ඉහළට
2022-05-29 15:31:52
Share with:

හේතු හඳුනාගත නොහැකි හෙපටයිටිස් රෝගයෙන් පෙළුණු දරුවන්ගේ සංඛ්‍යාව 650ක් දක්වා ඉහළ යයි.

පසුගිය අප්‍රේල් මාසයේ 5 වැනිදා සිට මැයි මස 26 වැනිදා දක්වා, කලාප පහක රටවල් 33කින් හේතු හඳුනාගත නොහැකි හෙපටයිටිස් ‍රෝගවලින් පෙළුණු දරුවන් 650ක් වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා(27) ප්‍රකාශ කළේය. එම දරුවන්ගේ රෝග  ලක්ෂණ මීට පෙර සාමාන්‍ය හෙපටයිටිස්වලින් පෙළුණු දරුවන්ට වඩා බරපතල බව ද හෙළි වේ.

මේ වනවිටත් එම රෝගයේ රෝග සාධක, මූලාරම්භය හා සම්ප්‍රේෂණ විධි අපැහැදිලි වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය ලද තොරතුරු ද සීමිත බැවින්, රෝගය පිළිබඳ ගෝලීය අවදානම් මට්ටම, ‘මධ්‍යම’ ලෙසට ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම