ඇමරිකාව යුක්‍රේනයේ ආහාර ගබඩාව අහිමි කළ නිසා එරට ආහාර අර්බුදයක් මතු වූ බව රුසියාව පවසයි
2022-05-29 16:26:36
Share with:

 ඇමරිකාව යුක්‍රේනයේ ආහාර ගබඩාව අහිමි කළ නිසා එරට  ආහාර අර්බුදයක් මතු වූ බව රුසියාව පවසයි.

රුසියානු විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Maria Zakharova මහත්මිය ඊයේ මේ බව ප්‍රකාශ කළාය.

මීට පෙර, ලෝක ආහාර අර්බුදය සමනය කිරීමට යුක්‍රේනයෙන් ආහාර ටොන් දෙකෝටියක් අප්‍රිකාව හා මැදපෙරදිග කලාපයට අපනයනය කිරීමට සහාය වන බව ඇමරිකාව හා යුරෝපා සංගමය ප්‍රකාශ කළද, එම ආහාර ප්‍රවාහනය කර ඇත්තේ යුරෝපයේ ආහාර ගබඩාවට බව ද ඇය පෙන්වාදෙයි.

කොරොනා වසංගතයෙන් ගෝලීය සැපයුම් දාමය බාධාවට ලක්වූ අතර, ආහාර මිල ඉහළ යාම වසර 2020දීම ආරම්භ වූ බවත්, එය රුසියානු යුද මෙහෙයුමේ ප්‍රතිඵලයක් නොවන බවත් ඇය පැවසුවාය.

මේ අතර බටහිර ලෝකය රුසියාවට එරෙහිව පැණවූ සම්බාධක හේතුවෙන් ගෝලීය භාණ්ඩ ප්‍රවාහන පද්ධතිය බොහෝ දුරට අඩාල විය. එය වත්මන් ඍණාත්මක තත්ත්වයට දැඩිව බලපෑ බව රුසියානු විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව පවසා ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම