මෙරට ඖෂධ හිඟය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය
2022-05-29 18:35:33
Share with:

පවතින ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබාදීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව තිබේ. ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවති ලෝක සෞඛ්‍ය සමුළුව අතරතුර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයන් සමග තමන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත. 

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මතුව ඇති ඖෂධ හා වෛද්‍ය සැපයුම් හිඟයට විසඳුම් ලබාදීමේ හැකියාව පිළිබඳව එහිදී සාකච්ඡා කළ බව ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පවසයි. එමෙන්ම මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ලබාදීම පිළිබඳව ද එහිදී සාකච්ඡා වී තිබේ.

පසුගිය 22 වැනිදා ආරම්භ වූ ලෝක සෞඛ්‍ය සමුළුව 28 වැනිදා අවසන් වූ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල නියෝජිතයෝ ඊට සහභාගි වූහ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම